මෙම රජයේ ඇතැම් පිරිස් චෝදනා කරන අන්දමට, තමන්ට හෝ තම පවුලේ අය විදේශ බැංකුවල රහසිගත ලෙස විශාල මුදල් ප‍්‍රමාණයක් තැන්පත් කර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තවද, එම එල්ල කරන චෝදන තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ තමාත්, තම බිරිඳ සහදරුවන් ද එවැනි ගිණුම් පවත්වාගෙන යන බවට එම පිරිස් ප්‍රකාශ කරන්නේ දේශපාලනික වශයෙන් තමන්ට අපහාස කිරීමට බවයි.
තවද, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ මුදල් විසුද්ධිකරණය වැනි කරුණුසම්බන්ධයෙන් මෙම වකවානුවේදී ඉතා ඉහළ අවධානයක් පවතින බවද මහින්ද රාජපක්ෂමහතා සඳහන් කර ඇත.
ඒ අනුව විශාල ශේෂයන් සහිත බැංකු ගිණුම් ජාත්‍යන්තර හා දේශීයනියාමකවරුන්ගේ අවධානයට නිරන්තරයෙන් ලක්වන බව ඔහු පෙන්වා දෙයි.
එසේතිබියදී තමන්ට, තම භාර්යාවට හෝ තමන්ගේ දරුවන්ට විදේශීය බැංකුවල නීති විරෝධීරහසිගත ගිණුම් පවත්වාගෙන යාමට නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණයකර සිටින අතර, එවැනි ගිණුම් පවතින්නේ නම් ඒවා පිළිබඳ තොරතුරු මෙතෙක් කල් හෙළි නොවීතිබීමට ද නොහැකි බව ඔහු වැඩිදුරටත් අදාළ නිවේදනයේ සදහන් කර ඇත.