“මම දේශපාලනයෙන් විශ‍්‍රාම යන්නේ නෑ”

“මම දේශපාලනයෙන් විශ‍්‍රාම යන්නේ නෑ”

තමන්ට දේශපාලනයෙන් විශ‍්‍රාම යෑමේ වුවමනාවක් නැතැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පෙරේදා (28) පොලොන්නරුවේද’ ප‍්‍රකාශ කළේය.

මගේ සෞඛ්‍ය තත්්ත්වය බොහොම හොඳයි. ඒ නිසා තව හුඟක් රටට වැඩ කරන්න පුළුවන් යැයිද ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

පිබිදෙමු පොලොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ රුපියල් ලක්‍ෂ 60 ක වියදමින් පොලොන්නරුව රෝහල හන්දිය ඉසිපතන පෙදෙසේ අභිනවයෙන් ඉදිකරන ලද ප‍්‍රජා ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

එහිද’ තවදුරත් අදහස් දැක්වූ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

‘‘දැන් සමහර අය හිතන්න පුළුවන් හෙට අනිද්දා ජනාධිපති ඡුන්දයක් තියෙනවා. එතැන මම ඉල්ලනවයි කියලා දැනුම් දීලා නෑ. ඒක නිසා මේ මනුස්සයා මෙතනින් ඉවරයි කියලා. ලබන දෙසැම්බර් මාසෙන් පස්සෙ මම තවත් පියවරක් තියනවා. රටේ සංවර්ධනයට වගේම පොලොන්නරුව සංවර්ධනයට අලූත් වාර්තාවක් පිහිටුවන්න. අපේ ප‍්‍රතිපත්ති යහපත් රටක්, විනය ගරුක රටක්, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, හික්මුණු දරු පිරිසක්.

පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මහතාද මෙම උත්සව සභාව ඇමතීය

Share this: