ඉදිරියෙදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තමා තරඟ නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින බවට පැතිරි යන ප්‍රචාර වල කිසිම සත්‍ය තාවයක් නැති බව ඒ මහතා සඳහන් කළේය.
තවද, ඒ මහතා සඳහන් කර සිටියේ, රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම ඉදිරි මැතිවරණයට තරඟ කිරීම හේතුවෙන් තමා මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවය.
ජනතාවට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අත්‍යවශ්‍ය නොවන බව තවදුරටත්, ඒ මහතා සදහන් කළේය.
කෙසේ වෙතත් ඉදිරියටත් රට ජාතිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සුදානම් බවද ඒ මහතා අද දෙරණ සමඟ කියා සිටියේය.
අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සඳහා වු අවශ්‍ය ලියකියවිලි මේ වනවිට තානාපති කාර්යාලයට බාරදී ඇති බව ඒ මහතා සදහන් කළහ.
එමනිසා ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින්න කිසිදු බාධාවක් නොමැති බවත්, නමුත් ඔහු තරග කොකරන බවත්, පැවසුහ.
මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා මහ මැතිවරණයට තරඟ නොකරණු ඇති බවත් වාර්තා පළවෙයි.