“මම කාගේවත් කොන්දේසිවලට යට වෙන්නේ නෑ – බියගුළු දේශපාලනයකට සූදානම් නැහැ” සජිත්  කියයි

“මම කාගේවත් කොන්දේසිවලට යට වෙන්නේ නෑ – බියගුළු දේශපාලනයකට සූදානම් නැහැ” සජිත් කියයි

කිසිවකුගේ කොන්දේසිවලට යට වීමට තමන් සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.

පේ‍්‍රමදාස මහතා මේ අදහස් ප‍්‍රකාශ කළේ මතුගම මහජන කී‍්‍රඩාංගණයේ පැවැති ‘සජිත් පිළිගනිමු’ ජනරැලිය අමතමිනි. මෙම රැලිය ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි.

කොන්දේසි සහිත දේශපාන ගමනකට තමා අකමැති බවත් ජනපතිකමට වඩා තම ආත්ම ගෞරවය වටින බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.

ජනපති තනතුරු ලබා ගැනීම වෙනුවෙන් රට ජාතිය පුරවැසියා පාවා නොදෙන බව ද හෙතෙම ප‍්‍රකාශ කර සිටියේය. තමා විවිධ කොන්දේසි පිළිගෙන ජනපති අපේක්ෂකකම භාර ගත්තා යැයි විවිධ මාධ්‍ය ඔස්සේ යන පුවත්වල කිිසිදු සත්‍යයක් නැති බව ද පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.

නිවට බියගුළු දේශපාලනයක නිරත වීමට රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ පුත‍්‍රයා කිසිවිටක සූදානම් නැති බව පේ‍්‍රමදාස මහතා සඳහන් කළේය.

මෙම රැුලිය සඳහා එජාප මැති ඇමැතිවරු රාශියක් සහභාගිව සිටියහ.

Share this: