මන්ත්‍රී නිලනිවසින් සී.බීගේ රියදුරුගේ මළසිරුර හමුවෙයි

මන්ත්‍රී නිලනිවසින් සී.බීගේ රියදුරුගේ මළසිරුර හමුවෙයි

වස පානය කර මියගොස් සිටි හිටපු මන්ත්‍රී සී.බී රත්නායක මහතාගේ රියදුරුගේ මළසිරුර සොයාගෙන තිබේ.

ඒ අනුව කොළඹ 07 ම‍ලලසේකර මාවතේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිල නිවසේ තිබී මළ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

තවද සියදිවි හානිකරගන්නා බවට ලිපියක්ද ලියා තබා ඔහු වාසය පානය කර ඇතැයි සැකකරන බවත්, මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලීසිය කියා සිටියේය.

මළ සිරුර තරමක් ඉදිමි ඇති බවද පොලීසිය පැවසීය.

Share this: