මන්ත්‍රීන් හා පරිපාලන නිලධාරීන් අතර ගුටි බැට – 3ක් රෝහලේ

මන්ත්‍රීන් හා පරිපාලන නිලධාරීන් අතර ගුටි බැට – 3ක් රෝහලේ

මන්ත්‍රීවරයෙකු හා පරිපාලන නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පානදුර නගර සභාවේ අද පැවැති රැස්වීමක් අතරතුරදී එහි මන්ත්‍රීන් පිරිසක් හා පරිපාලන නිලධාරීන් පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම වී තිබේ.

එම ගැටුමෙන් තුවාල ලැබූ පරිපාලන නිලධාරීන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ගැටුමට හේතුව නාගරික ලේකම්වරියක තනතුරින් ඉවත් කිරීම සම්බන්ධ කාරණයක් යැයි පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

Share this: