මන්ත්‍රි ටිරාන් සමග 05 කුට රටින් ගුවන් තහනමක්

මන්ත්‍රි ටිරාන් සමග 05 කුට රටින් ගුවන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා ඇතුළු 05 දෙනෙකුගේ ගුවන් ගමන් බලපත්‍ර තහනම් කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (07) නියෝග කර ඇත.

ඒ, පසුගිය සුනාමි ව්‍යසනයෙන් නිවාස සැදීමේ අරමුණින් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙනි

එම මුදල් වංචා කිරීම සම්බන්දයෙන් ශාන්ති කුමාර් ගජන් කුමාර් යන අයවත් ඔහුගේ මව වන ආනන්දි ශාන්ති කුමාර් යන අයවත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ(07) දින කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එනම් පසුගිය සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සාදා දීමේ අරමුණින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත රාධා ආයතනය නැමැති ආයතනයක් 2006 වර්ෂයේදී ආරම්භ කර ඇත.

මෙම ආයතනයේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාය. තවද, මහා භාණ්ඩාගාර වැය ශීර්ෂ 803 යටතේ මහා භාණ්ඩාරගාරය විසින් ජනාධිපති කාර්යාලය හරහා මෙම රාධා ආයතනයට මුදල් ලබාගෙන ඇත.

නිවාස සෑදීමේ කටයුතු සඳහා බී.එම්.කේ හෝල්ඩින්ග්ස් නැමති ආයතනයත් එවරස්ට් සිවිල් ඉංජිනියරින් නැමති ආයතනයකුත් පිහිටුවා ගෙන ඇත.

මෙම ආයතන දෙකෙන් බී.එම්.කේ හෝල්ඩින්ග්ස් යන ආයතනය ලියාපදිංචි කර ඇත්තේ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරිමෙන් වන අතර එවරස්ට් සිවිල් ඉංජිනියරින් යන ආයතනය කිසිදු ලියා පදිංචියක් කර නැත. තවද,මෙම ආයතන වල ලිපිනයන්ද සම්පුර්ණයෙන්ම ව්‍යාජ වේ.

තවද, මහා භාණ්ඩාගාරයෙන් ජනාධිපති කාර්යාලයට ලැබෙන මුදල් ජනාධිපති කාර්යලය විසින් රාධා ආයතනයට බැර කරන අතර රාධා ආයතනය විසින් ඉහත ව්‍යාජ ආයතනය හරහා ඌම්ස් ටෙක්ස්ටයිල් ලිමිටඞ් නැමැති ආයතනයට එම මුදල් බැර කර ඇත.

ඉහත බී.එම්.කේ හෝල්ඩින්ග්ස් නැමැති ව්‍යාජ ආයතනයේත් ඌම්ස් ටෙක්ස්ටයිල් නැමැති ආයතනයේත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ශාන්ති කුමාර් ගජන් කුමාර් නැමැති පුද්ගලයා වන අතර අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන්නේ ඔහුගේ මව හා සහෝදර සහෝදරියන් වේ.

මෙම ඌම්ස් ටෙක්ස්ටයිල් ආයතනයට ලැබෙන රජයේ මුදල් එම ආයතනයෙන් නැවත ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ටිරාන් අලස් යන අය හා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුව සිටි ඇති එමිල් කාන්තන් යන අය බව විමර්ශන වලදි අනාවරණය වි ඇත.

මේ අනුව, රාධා ආයතනය වෙත රුපියල් මිලියන 645 ක මුදලක් මහා භාණ්ඩාරයෙන් එවා ඇති නමුත් විමර්ශනයේදි අනාවරණය වී ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් වල කිසිදු නිවසක් මොවුන් විසින් ඉදි කර නොමැති බවයි.

මේ වන විට එකී මුදලින් රුපියල් මිලියන 125 ක් (චෙක්පත් 09 ක් මගින්) වංචා කර ඇති බවට කරුණු අනාවරණය වි ඇත. තවදමෙම රාධා ආයතනය 2006 වර්ෂයේදිම වසා දමා ඇත.
පාර්ලිමේන්තු මන්ති‍්‍ර ටිරාන් අලස් යන අය ඇතුළු රාධා ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 05 දෙනෙකුගේද ගුවන් ගමන් තහනම් කිරිමේ නියෝගයක් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ලබාගෙන ඇත.

දුෂණ විරෝධි පෙරමුණ විසින් පොලිස්පති වෙත භාර දි ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදුකරනු ලබන්නේ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන සිදුකරනු ලබන්නේ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විසිනි.

Share this: