මනසින් උදාලග්නය ගණනය කරමු

මනසින් උදාලග්නය ගණනය කරමු

ඔබ දැකල ඇති සමහර ජ්‍යොතිෂ්‍ය වේදීන් උපන් දිනය වේලාව කියූ සැනින් ඔබේ ලග්නය මෙය නේද කියා අසනවා? මෙය ඉතා පහසුවෙන් ඕනෑම කෙනෙකුට ඉගන ගත හැක.

ජ්‍යොතිෂයේ මාසයක් ලෙස ගණනය කරන්නෙ සූර්‍යා එක රාශියක් තුල ගත කරන කාලය යි. අපි කවුරුත් දන්නවා සූර්‍යා මීනේ සිට මේෂ රාෂියට යන්නේ අප්‍රේල් 14 වන දින(හෝ ඊට අසාන්න දිනයක) බව. අප්‍රෙල් 14 සිට මැයි 13 දක්වා කාලය ජ්‍යොතිෂයේ හඳුන්වන්නේ මේෂ රවිය ලෙසයි. මේ ආකාරයට වෘෂභ රවිය, මිථුන රවිය, කටක රවිය ආදී වශයෙන් රවි ග්‍රහයා පිහිටන රාශිය අනුව ජ්‍යෝතිෂ්‍යට අනුව මාස නම් කිරීම සිදුවෙයි. සාමාන්‍ය කැලැන්ඩරයේ අපි 01 සිට 30 /31 දක්වා වන මාසයට අනුපාතව ගතහොත් ඡ්‍යොතිෂයේ එක් මසක 14 සිට ඊළඟ මාසයේ 13 දක්වා පමණ ගමන් කරයි. (සූර්‍යා දින වර්ෂයකට දින 365.2425 ක කාලයක් ගමන් කරන නිසා මෙම දිනය කාලය සමග එක දිනයක් එහා මෙහා විය හැක.)

මේ අකාරයට මේෂ රවිය අප්‍රේල් 14 සිට මැයි 13 දක්වා ද, වෘෂභ රවිය මැයි 14 සිට ජූනි 13 දක්වා ද ආදී අපට සූර්‍ය මාසය 12 ගණනය කරගත හැකියි.

එක දිනක් තුල ආසන්න වශයෙන් පැය දෙක බැගින් ලග්න දොලහම ගතවෙනවා. ඔබ උපන් සූර්‍ය මාසය මුලින්ම සෙයා ගත යුතුයි. මේෂ රවිය පැවති මාසයක ආසන්න වශයෙන් උදේ 6 සහ 8 අතර උපන් අයෙකුගේ උදා ලග්නය බොහෝ විට මේෂ වේ. මෙසේ පැය දෙකෙන් දෙක ලග්න 12ම ගත වෙයි. වෘෂභ රවිය ආරම්භ වන මැයි 14 ජුනි 13 කාලය තුල උදේ 6ත් 8ත් අතර උපන් අයෙකුගේ ලග්නය වෘෂභ ලග්නය වේ. මේ ආකාරයට පැය දෙකෙන් දෙක ලග්න දොලහම ගතවී උදේ 4ත් 6ත් අතර උපන් අයෙකුගේ ලග්නය මේෂ දක්වා ලග්න 12ම එක් දිනක් තුල උදා වේ. නමුත් මෙසේ ගණනය කරගන්නා ලග්නය වඩාත් නැවැරදි වෙන්නේ උපන් දිනය අදාල සූර්‍ය මාසය උදා වෙන දිනයට වඩාත් ආසන්න වූ විටයි. එසේ නොමැති විට රාශියක් එහා මෙහා විය හැක.

මෙම ක්‍රමය වඩාත් නිවැරදි කරගමු.

ජනවාරි 30 වෙනි දින උදේ 10ට උපන් අයෙකුගේ ලග්නය කුමක් විය හැකි ද? ජනවාරි 15 දින මකර රවිය ආරම්භවේ, ඒ අනුව මකර රවියේ පළමු පැය දෙක( උදේ 6 සිට 8 දක්වා) තුල උපන් අය බොහෝ විට මකර ලග්නයට හිමිකම් කියයි. ඒ අනුව 8 සිට 10 දක්වා උපන් අයෙකුගේ ලග්නය කුම්භ රාෂියට අයිති විය හැක. ඒ අනුව අපට මොහුගේ ලග්නය කුම්භ විය හැකි බව අසාන්නව නිගමණය කළ හැක. නමුත් ජනවාරි 30 වන විට මකර රවියේ භාගයක්ම ඉදිරියට ගොස් ඇත. මෙම ක්‍රමය වඩාත් නිවැරදි කරගන්න මෙම කාලයත් සලාකා බැලීමට සිද්ධ වෙනවා. උදේ 6 වන විට මකර රවියේ භාගයක් ගත කරල ඉවරයි. ඒ නිසා මකර ලග්නය පවතින්නේ ආසන්න වශයෙන් උදේ 7 පමණ වෙන තෙක් පමණයි. ඉන් පසු පැය දෙකෙන් දෙක ඉදිරියට පිලිවෙලින් රාෂි චක්‍රය තුල ලග්න උදාවෙමින් ගමන් කරයි. ඒ නිසා ජනවාරි 30 වෙනි දින උදේ 7 සහ 9 වන කාල තුල කුම්භ රාෂිය ගෙවී යයි. මීන රාෂිය 9 සිට 11 දක්වා කාලය තුල පවතී, එබැවින් ජනවාරි 30 උදේ 10ට උපන් අයෙකුගේ උදා ලග්නය බොහෝ විට මීන රාෂිය වේ.

උපුටා ගැනීම – Sinhala Astrology

Share this: