මනම්පිටිය කොටලීය පාලම අසල දී අද (01) අලුයම පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල අරුණපුර පදිංචිව සිටි තිදෙනෙකි.
ත්‍රී රෝද රථයේ ගමන් ගත් පිරිස අරලගංවිල අරුණපුර සිට මාතලේ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට පත් පෞද්ගලික බස්රථය මඩකලපුව ශීක්ෂණ රෝහලට කාර්ය මණ්ඩලයේ පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් බව පොලිසිය සඳහන් කළා.
Share this: