මදුරු මර්දන සතියක් අදින් ඇරබෙ

මදුරු මර්දන සතියක් අදින් ඇරබෙ

ජාතික මදුරු මර්දන සතියක් අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙයට තේමාව වී අතේ “ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් අඩුකරගනිමු” යන්නය.

ලබන 16 වන දින දක්වා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක වන අතර, මෙම සතිය තුළ දිවයිනේ සියළුම පාසල්, ආයතන, කර්මාන්ත ශාලා, වැඩබිම්, නිවාස, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා කාණු පද්ධති ආදිය නිසි පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතය.

තවද එම වැඩසටහන සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, සෞඛ්‍ය අංශ, ස්වෙච්ඡා සංවිධාන සහ පළාත් පාලන ආයතන සම්බන්ධ වී ක්‍රියා කරනු ඇත.

ඒ අනුව කීට විද්‍යාඥයයින්ගේ සමීක්ෂණ වාර්තා අනුව දිවයිනේ අවදානම්, අධි අවදානම් සහ අඩු අවදානම් කලාප ලෙස කොටස් 03කට බෙදා මෙම සතිය තුළ පවිත්‍රතා මෙහෙයුම් සිදුකිරීමට සැලසුම් කර ඇත.

තවද මෙම වැඩසටහනේදී ඩෙංගු මදුරු කීටයන් සිටින ස්ථාන වල හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇත.

Share this: