යුරෝපයට තලපත් සහ ටූනා මත්ස්‍යයින් අපනයනය කරන රටවල් අතර ප්‍රමුඛස්ථානයක් ශ්‍රී ලංකාවට ලැබී තිබුණි. යුරෝපා සංගමය ඒ සදහා පැනවූ තහනම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක ආදායමක් රජයට අහිමි වී තිබේ.
පැනවූ තහනම හේතුවෙන් අෙමරිකානු ඩොලර් මිලියන 75ක ආදායමක් රජයට අහිමි වී තිබේ.
2015 ජනවාරි මස 14 වනදා සිට යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය තහනම් කර ඇති අතර එම තහනම ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරත වන යාත්‍රා අධීක්ෂණය සහ ලියාපදිංචි කිරීමත් යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමටත් දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳ සොයාබැලීමට යුරෝපා සංගමයේ විශේෂ නියෝජිතයෙකු ඔක්තෝබර් මස මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
Share this: