වෛද්‍ය නිර්දේශ නොමැතිව පාසල් සිසුන්ට හා තරුණයින්ට ඖෂධ අලෙවි කළ පයාගල, මග්ගොන ප‍්‍රදේශයේ පෞද්ගලික ඔසු සැලක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් වටලා සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී වෛද්‍ය නිර්දේශ නොමැතිව අලෙවි කළ ඖෂධ කරල් 200ක් ආහාර හා සෞඛ්‍ය අධ්‍යක‍්ෂක කාර්යාලයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන මස 03වනදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත මුදා හැර ඇත.
මේ සම්බන්ධයෙන් සිදු කර ඇතිවිමර්ෂණයේදී අනාවරණයවී ඇත්තේ මෙම ඖෂධ කරල් ස්නායු රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ කරල් බවයි.
තවද මෙම ඖෂධ කරල් තරුණයින් භාවිතා කර ඇත්තේ මත්ද්‍රව්‍ය ලෙස මත්වීම සඳහා බව වැඩිදුරටත් අනාවරණයවී ඇත.
Share this: