මත්පෙති 70,000ක් හමුවෙයි පෙට්ටි 07ක

මත්පෙති 70,000ක් හමුවෙයි පෙට්ටි 07ක

මත් පෙති තොගයක් නීති විරෝධිව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කෙසෙල්වත්ත අළුත්කඩේ උසාවිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ත්‍රීරෝද රථයක් නවතා සිදු කළ සෝදිසියකදී එම මත් පෙති තොගය සොයා ගත් බව පොලිසිය පැවසයි.

එහිදී පෙට්ටි 07 ක අසුරන ලද මත් පෙති 70,000 ක් සොයා ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 45 ක් පමණ වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

සැකකරුවන් කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන් වෙයි.

Share this: