ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසන්නේ, සාගර කළාපයේ සිදුවන නොයෙකුත් අපරාධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී ක්‍රියාකාරකම් වලක්වා ගැනීම සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලයේ ගෝලීය සාගර අපරාධ වැලැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා හමු වු අවස්ථාවේදියි.
එම හමුවේදී ඇලන් කෝල් මහතා සමඟ අදහස් හුවමාරු කර ගත් අමාත්‍යවරයා කියා සිටියේ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ වෙනත් අකටයුතුකම් සාගරය ඔස්සේ සිදුවීම වැළැක්වීමට විධිමත් වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි.
අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකා නාවික හමුදාව හැමවිටම මේ පිළිබඳව අවධානයෙන් පසුවන බවත්, යම් යම් සම්පත් හිඟතාවයන් පැවතියද ගතවූ කාලය තුල විශිෂ්ඨ සේවාවක් සිදුකිරීමට සමත්වූ බවයි.
තවද පසුගිය කාලය තුල විශාල ප්‍රමාණයේ මත්කුඩු සහ මත්ද්‍රව්‍ය සාගරය ඔස්සේ සිදුවූ ජාවාරම් හෙළිකර ගැනීමට සහ විශාල වශයෙන් ඒවා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
තවදුරටත් ඒවා මැඩ පැවැත්වීම සඳහා අදාල ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලයේ ගෝලීය සාගර අපරාධ වැලැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා ශ්‍රීලංකා රජයට ප්‍රසංශාව පලකළේය.