හික්කඩුව ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් 15 හැවිරිදි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතේ, හික්කඩුව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව බව සඳහන්ය.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලි ග්‍රෑම් 150 ක් සොයාගෙන ඇති අතර සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
තවද, මේ අතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදීද හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 290 ක් ලඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මිරිහාන දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Share this: