මත්කුඩු ලඟ තබා ගත් වරදට මරණ දඬුවම

මත්කුඩු ලඟ තබා ගත් වරදට මරණ දඬුවම

හෙරොයින් තොගයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වු පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියමකර ඇත.

මාලබේ, හෝකන්දර ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගන්නා විට ඔහු ලඟ හෙරොයින් ග්‍රෑම්5යි මිලි ග්‍රෑම් 680ක් සන්තකයේ තිබී ඇත.

පසුව මොහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම මොහුට එරෙහිව එල්ල වී තිබු චෝදනා වේ.

මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා විත්තිකරුට එරෙහි චෝදනා සැකයෙන් තොරව ඔප්පු වී ඇති හෙයින් ඔහුට මරණ දඬුවම නියමකර ඇත.

මරණ දඬුවම නියම වුයේ මොහොමඩ් අක්‍රම් අමිර් නැමැති 60 හැවිරිදි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.

Share this: