අපට ඉමහත් හිසරදයක් වී ඇති මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ වැඩසටහන සදහා දිවයිනේ ලක්ෂයකට ආසන්න පිරිසක් වන සාමවිනිසුරුවරුන්ගේ සේවය දායක කර ගන්නා බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අධිකරණයෙන් ක‍්‍රියාත්මක, මත්ද්‍රව්‍ය නිවාරණ ඒකාබද්ධ කමිටුව විසින් පොලීසිය, ත‍්‍රිවිධ හමුදාව හා රජයේ ප‍්‍රධාන අමාත්‍යාංශ ගණනාවක මූලිකත්වයෙන් හා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් මේ සදහා දායකත්වය ලබා දෙයි.
එමෙන්ම මෙම වැඩසටහනේ ප්‍රදාන අරමුණ වන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ප‍්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම හා භාවිතය වැළැක්වීම, නීති විරෝධී මත්පැන් නිෂ්පාදන වැළැක්වීමල පාසල් හා වැඩිහිටි ප‍්‍රජාව මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීම වැළැක්වීමයි.
එමෙන්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම නීති විරෝධී කටයුතු පිළිබදව ඉතා විමසිලිවත්ව කටයුතු කරමින් මේ පිළිබද තොරතුරු පොලීසියට හා මත්ද්‍රව්‍ය නිවාරණ අංශවලට ලබාදීමට කටයුතු කරන්නැයි දිවයිනේ සියලුම සාමවිනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටි.
තවද පසුගිය කාලපරිච්ඡේදයේදී සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වූ මත්ද්‍රව්‍ය භාවිතය හා අලෙවි කිරීමල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සමාජ අපරාධ රැල්ලේ වර්ධනයට මෙන්ම ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය, ළමා හා කාන්තා ලිංගික අපරාධ, මිනීමැරුම් වැනි බරපතල ගණයේ අපරාධවල වැඩිවීමටද හේතුවි ඇති බව අමාත්‍යවරයා පැවසිය.