මඩු රක්ෂිතයෙත් නිවාස හදලා

මඩු රක්ෂිතයෙත් නිවාස හදලා

පරිසර සංවිධාන චෝදනා කරන්නේ, මන්නාරම මඩු රක්ෂිතයේ ද ජනතාව පදිංචි කිරීම සඳහා වැඩපිළිවෙළක් මේවන විට ආරම්භ කර ඇති බවට පත්වී ඇති බව පවසමිනි.

සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ අදාළ රක්ෂිතය එළි පෙහෙළි කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවන බවයි.

එබැවින් මෙය නතර කිරීමට බලධාරීන් වහාම පියවර ගත යුතු බව රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඒ.අනුර සතුරුසිංහ මහතා සඳහන් කළේ උතුරු නැගෙනහිර රක්ෂිත ආරක්ෂා කරගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් විල්පත්තුවේ සිදුවන වන විනාශය මේවන විට නතර වී තිබේ.

Share this: