මගේ චරිතය ඝාතනයට සැලසුම් හදනවා – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

මගේ චරිතය ඝාතනයට සැලසුම් හදනවා – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

මම සිදුකරන සමාජ සුභ සාධන වැඩසටහන් නොරිස්සන ඇතැම් කණ්ඩායම් මගේ චරිතය ඝාතනය කිරීමේ පිඹුරුපත් සකසමින් සිටින බව සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි.

තවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය තුළ හා එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, දෙපාර්තමේන්තු තුළ යහපාලන ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරන බවත්, සිය අමාත්‍යාංශය තුළ සිදුකරන සියලූ මුල්‍ය ගනුදෙනු මනා විනිවිදභාවයෙන් සිදුකරන බවතය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කලේ තංගල්ල, නෙටොල්පිටිය, මැදගම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට ඊයේ (12) දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සසුනට අරුණ“ වැඩසටහන යටතේ තංගල්ල, නෙටොල්පිටිය, මැදගම බෞද්ධ මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා අමාත්‍යවරයා විසින් මෙහිදි රුපියල් 92,000ක් වටිනා සිමෙන්ති ප්‍රදානය කරන ලදී.

අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මේ සඳහා මුල්‍ය දායකත්වය ලබාදුන් බව නිවාස හා සමෘද්ධි අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පවසයි.

Share this: