මගේ ආරක්ෂාව අඩු කරලා

මගේ ආරක්ෂාව අඩු කරලා

වත්මන් රජය විසින් තම ආරක්ෂාව පහත දමා ඇති බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ ලබා දී ඇති ආරක්ෂක නිලධාරීන්ට ගමන් කිරීම සඳහා ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් ලබාදීමටද ආණ්ඩුව පියවර ගෙන නොමැති බවයි.

ඊයේ(31)  රාත්‍රී දිවුලපිටිය අලුතෑපොළ,  ගනේකන්ද රජමහා විහාරයේ පැවති ආශිර්වාද පූජාවට සහභාගි වීමෙන් අනතුරුව පූජ්‍ය මැදගොඩ අබයතිස්ස ස්වාමීන් වහන්සේ සමඟ පිළිසඳරක නිරත වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

Share this: