ඉදිරියේදී පත්වන නව ආණ්ඩුවට එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් සුබපැතුම් එක්කර තිබේ.
තවද එක්සත් ජාතික පෙරමුණ යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් බලයට පත්වූ නව ආණ්ඩුව විසින් යහපාලනය, වගවීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනයාමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව බෑන් කී මූන් පවසයි.
ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඡන්ද අයිතිය සහතික කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ ආදර්ශමත් උත්සාහයන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා අගය කර ඇති අතර, දිගුකාලීන සාමයක් සහ සමෘද්ධියක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම සඳහා නව රජය සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව බෑන් කී මූන් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයෙ හි සදහන් කර ඇත.
Share this: