නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසුයේ, සමෘද්ධිලාභියා, අඩු ආදායම්ලාභියා, සමෘද්ධි නිලධාරියා, සමෘද්ධි කලමනාකරුවා ඇතුළු සියළු පාර්ශව තමා රකින බවත් තමාගෙන් මැජික් බලාපොරොත්තු වන්නට එපා ලෙසත්ය.
පසුගිය 24 වනදා අගුණකොළපැලැස්සේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය පාලන සමයේදී සමෘද්ධි, දිවිනැගුම අරමුදල් පාවිච්චි කර තිබුණේ ඉතා තුච්ඡ විදිහට බව අනාවරණය වී ඇති බවත්, ඒ අරමුදල් පාවිච්චි කළේ මේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ පසෙකලා පටු දේශපාලන අරමුණ ඉටු කර ගැනීමට බවත්ය.
ඔහු පවසන්නේ, එය සාහසික අපරාධයක් බවත්, තවද, පසුගිය කාල සිමාවේදී සමෘද්ධි සහ දිවි නැගුමේ මුදල් කෝටි ගණනින් පිළිකුල් සහගත ලෙස අනවශ්‍ය දේවල්ට කාබාසිනියා කර ඇති බවත්ය.
පසුගිය සමයේ විෂය භාර අමාත්‍යවරයා දුප්පත් ජනතාවට කිසිම සහනයක් අත්වන ප්‍රශස්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකි වුණේ නැති බවත් දැන් ඔවුන් ඉතා බොළඳ ආකාරයෙන් වත්මන් ආණ්ඩුවේ ජනතාවාදි වැඩසටහන්වලට විරෝධතා පල කරමින් උද්ඝෝෂණ පවත්වනු ඇත.
කොපමණ විරෝධතා එල්ල කළ ද මේ රටේ දුප්පත් ජනතාවට සහන සැලසිම සදහා ගනු ලබන තීරණ කිසිවිටකත් නතර නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසිය.