මගී ගුවන් යානයකින් ජනපති ඉන්දියාවට යයි

මගී ගුවන් යානයකින් ජනපති ඉන්දියාවට යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද(15) පස්වරු 1.55ට පමණ කටුනායක ගුවන් තොටුපලින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.195 දරණ මගී ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දිය සංචාරයට පාඨලි චම්පික රණවක, රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුලු 17දෙනෙකු සහාභාගී වී සිටියි.

ජනාධිපතිවරයා ලබන 18 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතය.

Share this: