මංගල සමරවීර ගේ චීන සංචාරය මෙ මස 27 ඇරඹේ

මංගල සමරවීර ගේ චීන සංචාරය මෙ මස 27 ඇරඹේ

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සියලූම සබදතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂාවෙන් පසුවන බව චීන රජය පවසයි.

චීනයේ ආධාර මුදල් යටතේ මෙරට සිදුකෙරෙන ව්‍යාපෘතීන්වල ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හුවා චුන්යිං කියයි.

රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසා තිබේ.

ඉදිරියේ දී චීනයේ නිල සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මේ අතර මංගල සමරවීර මහතා මේ මස 27 හා 28 දිනවලදී චීනයේ සංචාරය කිරීමට නියමිත බවද චීන බලධාරීන් පවසා තිබේ.

Share this: