එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් තමා පෙනී සිටි බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් තමාට දිගින් දිගටම අසත්‍යය චෝදනා කර ඇති බව පෙන්වා දෙන, ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය, පවසන්නේ, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව තමා නඩු මගට යොමු වන බවයි.
තමාරා කුනනායගම් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ඒ අනුව තමා පෞද්ගලික ජීවිතය මෙන්ම, රාජකාරී ජීවිතය පුරාම එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධව කැප කිරීම් කර ඇති බවත්, විදේශ අමාත්‍යවරයා තමා සම්බන්ධයෙන් කරනු ලබන චෝදනා සඳහා කිසිදු පදනමක් නොමැති බවත් එහිදී කුනනායගම් මහත්මිය අවධාරණය කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමා නඩු මගට යොමු වීමට තීරණය කර ඇති බවද අය එහිදි වැඩිදුරටත් සඳහන් කළාය.
Share this: