භුකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1800ක් දක්වා ඉහළගොස්

භුකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1800ක් දක්වා ඉහළගොස්

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, නේපාලයේ භුකම්පනයෙන් මිය ගිය පිරිස 1800ක් දක්වා ඉහළගොස් ඇති අතර, මෙම මිය සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බවයි.

මෙය රික්ටර් පරිමාන ඒකක 7.8 ක අගයක් පෙන්නුම් කළේය. මේ හේතුවෙන් තුවාල ලැබුවන් සංඛ්‍යාව 4718 ක් වූ අතර, මෙය වසර 80 කට පසුව නේපාලයට බලපෑ දරුණුතම භුකම්පනය මෙය වේ.

එමෙන්ම මෙය ඉන්දියාව, බංගලාදේශය, ටිබෙටය සහ නේපාලයේ එවරස් කදු ප්‍රදේශයට ද මෙහි බලපෑම එල්ල විය.

විපතට පත් වුවන් බේරා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක අතර අන්තර් ජාතින්ගේ ද සහය ද ඒ සදහා ලැබේ. නේපාලයේ 1934 වසරේ සිදු වු භුමිකම්පාවෙන් පුද්ගලයින් 8500 ක් මිය ගියේය.

Share this: