භීෂණයට එජාප අනුග්‍රහය ලැබෙනවා – තිලංග සුමතිපාල

භීෂණයට එජාප අනුග්‍රහය ලැබෙනවා – තිලංග සුමතිපාල

එළබෙන මැතිවරණය සාමකාමී සහ සාධාරණ ලෙස පවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා පොරොන්දු වු නමුත් භීෂණයක් කොළඹ නගරයේ ඇති කිරීමට රවී කරුණානායක අමාත්‍යවරයා උත්සහ දරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

අද(01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

පසුගිය කාලයේ ඉතාමත්ම හොඳින් පාතාලය නැති කර දැමීමට සන්ධාන රජය ක්‍රියා කළ බවද ඔහු එහිදී සඳහන් කර සිටියේය.

තවද ඊයේ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ සිදුවූ සිදුවීමේදී අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවඔහු කියා සිටියේය.

මෙය යහපාලනයද යන්න ප්‍රශ්න සහගත බවත් ඒ මහතා එහිදී කීවේය.

මේ වන විටත් කොළඹ නගරයට භීෂණය පැමිණ ඇති බවත්. එම භීෂණයට එජාප අනුග්‍රහය ලැබෙන බවත් හෙතෙම එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

තවද, ඊයේ සිද්ධියට අදාළව පුද්ගලයින් 21 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත්, එම පුද්ගලයින් නිදහස් කරන ලෙසට පොලීසියට දැනුම්දීම් කරන බවත් සුමතිපාල මහතා ප්‍රකාශ කර සිටියේය.

Share this: