භික්ෂුන් වහන්සේ සිව්නමක් රිමාන්ඩ්

භික්ෂුන් වහන්සේ සිව්නමක් රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු භික්ෂුන් වහන්සේ සිව්නමක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ රජයේ දේපළ වලට අලාභ හානී සිදුකිරීමේ චෝදනාවයි.

මිට පෙර කළ දැනුම්දිමකට අනුව අදාළ භික්ෂූන් වහන්සේ අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගියදා පැවති විරෝධතාවක් අතරතුර දී රජයේ දේපළ වලට අලාභ හානී සිදුකිරීමේ චෝදනාව මත අදාළ භික්ෂුන් වහන්සේට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

මේ අනුව කරුණු සලකා බැලු කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු භික්ෂුන් වහන්සේ සිව්දෙනා ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Share this: