භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව!

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනා වලට තමන් නිවැරදිකරුවන් වන බවයි.

විත්ති කරුවන් ට එල්ල කල චෝදනා 17ත එම 12 දෙනාම නිවැරදි කරුවන් බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
නඩුවේ විත්තිකරුවකු වන ජනක ප්‍රියන්ත ගලබොඩ නැමැත්තා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇති අතර 2011 වසරේ නොවැම්බර් මාසයේ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් සුදු වෑන් රථයකින් පැමිණ තම ස්වාමි පුරුෂයා පැහැරගෙන ගිය බවත් මේ පිළිබද නඩුවක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවද ඇය පවසා තිබේ.

එම සාක්ෂිය පිළිගත් අධිකරණය අදාළ විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

Share this: