භාරත ඝාතන නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට

භාරත ඝාතන නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට

නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරමීන්, කියා සිටින්නේ, භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීමට අදාළ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ මහවිනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙසයි.

තවද, නීතිපතිවරයා විසින් අදාළ ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත ලිඛිතව සිදුකර ඇති බව සදහන් වේ.

ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා සමග සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මාහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මෙම නඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව පවරා ඇති බව සඳහන්ය.

තවද, අදාළ නඩුව අධිකරණයේ විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මිනීමැරුම් නඩුවක් විභාගයට ගැනීමේදි ජූරි සභාවක් ඉල්ලා සිටීමේ අවස්ථාව විත්තිකරුවන්ට මඟහැරී යන බව සඳහන්ය.

Share this: