බ.නිලධාරීන් 3ගේ වැඩ තහනම්

බ.නිලධාරීන් 3ගේ වැඩ තහනම්

මොහොමඩ් සිද්ධික් නමැති, අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සිරමැදිරියේ දී පිටස්තර පුද්ගලයෙකු හමුවීමට සැලසුම් සහගත ලෙස අවස්ථාව ලබාදුන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු ඒම වැඩතහනමට ලක්වී ඇත.

තවද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදා නැමැත්තා හෙළි කළ කරුණු වලට අනුව පසුගිය මාර්තු 18 වැනිදා මොහොමඩ් සිද්ධික් නමැති සැකකරු පාකිස්ථානයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහු මෙරටට රැගෙනවිත් මාස 6ක පමණ කාලයක් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගත් අතර පසුගිය 17 වැනිදා පළමු වරට ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළහ.

ඒ අනුව ජාත්‍යන්තර පොලීසියේ ද රතු නිවේදන ලබා සිටින අදාළ ජාවාරම්කරු අධිකරණයේ තාවකාලික සිරමැදිරියේ රඳවා තැබු නිලධාරීන් ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා ද සිරමැදිරිය වෙත යොමුකර තිබේ.

තවද සිද්ධික් හමුවීමෙන් පසු අදාළ පුද්ගලයා යළි සිරමැදිරියෙන් පිටතට ගැනීමේ දී මොහොමඩ් සිද්ධික් සමග ඔහුට ද මාංචු දැමීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇත්තේ වෙනත් අයෙකුට එම පුද්ගලයා පිටස්තරයෙකු බවට ඒත්තුයාම වැළැක්වීම සඳහා බව සදහන්ය.

Share this: