බෝම්බ බියක් නිසා ගුවන් යානයක් ගොඩබස්වයි!

බෝම්බ බියක් නිසා ගුවන් යානයක් ගොඩබස්වයි!

බෝම්බ බියක් මධ්‍යයේ ඇතැන්ස් ගුවන් තොටුපළට හදිසියේ ගොඩ බැස්වූ “රයන් එයාර්” ගුවන් යානයේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවූ බව බ්‍රසීල ගුවන් සේවා බලධාරීහු පවසති.

යානයේ බෝම්බයක් ඇති බවට පෝලන්තයෙන් ලැබුණු නිර්නාමික ඔත්තුවක් මත යානය ඇතැන්ස් ගුවන් තොටුපළේ හුදකලා ස්ථානයකට ගෙන යන ලදී.

ආරක්ෂක අංශ විසින් යානය පරීක්ෂා කර ඇති අතර එහි තිබී පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු නොවූ බව සඳහන්.

එම අවස්ථාවේ යානයේ මගීන් 190ක් පමණ සිට ඇති අතර, පෝලන්ත පාර්ශවයද අදාළ අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Share this: