බොලිවුඩ් සුපිරි නළු ෂාරුක්ගේ නවතම වත්කම් ප්‍රමාණය!

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක්ගේ නවතම වත්කම් ප්‍රමාණය!

World of Statistics නවතම සංඛ්‍යාලේඛනවලට අනුව බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතර සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

ඩොලර් මිලියන 770 ක වත්කම් ඔහුට හිමිකම් ඇති නිසයි.

මේ අනුව ශාරුක් ඛාන් ආසියාවේ ධනවත්ම නළුවා බවට පත් විය.

ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පත්ව ඇති අතර, හොලිවුඩ් සුපිරි නළු Tom Cruise, Jackie Chan සහ George Clooney ඉදිරියෙන් සිටී.

ඩොලර් බිලියන ගනනක විකට නළුවෙකු වන Jerry Seinfeld මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින අතර, Tyler Perry සහ Dwayne Johnson දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන ඇත.

Tyler Perryගේ ශුද්ධ වත්කම ඩොලර් මිලියන 800 ඉක්මවන අතර Dwayne Johnsonගේ ශුද්ධ වත්කම ඩොලර් මිලියන 800 කි.

මෙම ලැයිස්තුවේ ඊළඟට නළුවන් සහ ඔවුන්ගේ වත්කම්, පහත දැක්වේ.

Tom Cruise: ඩොලර් මිලියන 620

Jackie Chan: ඩොලර් මිලියන 520

George Clooney: ඩොලර් මිලියන 500

Robert De Niro: ඩොලර් මිලියන 500

Share this: