සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස බෙදා හරින ලද නොමඟ යවන FB post එකක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මැයි 18 වැනිදා පැහැදිලි කිරීමක් නිකුත් කළේය.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සිය මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, ළමුන් පැහැර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය විසින් කරන ලදැයි කියන ප්‍රසිද්ධ දැනුම්දීමක් සම්බන්ධයෙන් සඳහනක් කරන ලද FB post සමාජ මාධ්‍ය සටහනක්.
කෙසේ වෙතත්, අක්මීමන පොලිසිය එවැනි කිසිදු ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේ අදාළ සමාජ මාධ්‍ය ප්‍රකාශය ‘ව්‍යාජ’ එකක් ලෙස ඉවත දමමිනි.
මීට අමතරව අක්මීමන හෝ යක්කලමුල්ල පොලිස් වසම්වලින් එවැනි ළමා පැහැරගැනීම් හෝ පැහැර ගැනීමට තැත් කිරීම් වාර්තා වී නොමැති බව අක්මීමන පොලිසියේ ස්ථානාධිපති (OIC) උපුටා දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙවැනි නොමග යවන සුළු, අසත්‍ය ප්‍රකාශවලට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.