බොරැල්ල පෞද්ගලික රෝහලේ වකුගඩු ජාවාරම

බොරැල්ල පෞද්ගලික රෝහලේ වකුගඩු ජාවාරම

පසුගියදා බොරැල්ලේ පෞද්ගලික රෝහලකදී අනාවරණය වූ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව නිර්දේශ කර ඇත්තේ එම රෝහලට වකුගඩු බද්ධ කිරීම සඳහා ලබාදී ඇති අනුමැතිය තාවකාලිකව නතර කරන ලෙසයි.

ඒ අනුව අදාළ පරීක්ෂණ අවසන් වන තුරු අදාළ පෞද්ගලික රෝහලේ සියලුම වකුගඩු බද්ධ කිරීම් අත්හිටුවීමට කමිටුව නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා මැයි 04 වැනිදා අභියාචනාධිකරණයට දැනුම් දී තිබිණි.

අදාළ රෝහලේ සියලුම වකුගඩු බද්ධ කිරීම් අත්හිටුවන ලෙස නිර්දේශ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGHS) විසින් නිකුත් කරන ලද ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා රෝහල විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් මැයි 04 පෙරවරුවේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණ මතු විය.

Share this: