බොරතෙල් සීමා කිරීමට යයි.

බොරතෙල් සීමා කිරීමට යයි.

බොරතෙල් නිෂ්පාදනය සීමා කිරීමට තෙල් නිෂ්පාදිත රටවල් 04 ක් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (16) ඩොහා නුවර පැවති ඛණිජතෙල් අමාත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

සෞදි අරාබිය, කටාර් සහ වෙනිසියුලාව මෙන්ම රුසියාවද නියෝජනය කරමින් අමාත්‍යවරුන් මීට සහභාගී වී තිබේ.

දිගින් දිගටම ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල පහලයාම පාලනය කිරීම මෙහි ප‍්‍රධාන අරමුණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share this: