ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහළ ගොස් ඇත.
ලෝකයේ විශාලතම බලශක්ති පාරිභෝගිකයන්ගෙන් එකක් වන චීනයෙන් අඩු ඉල්ලුමක්, මන්දගාමී ගෝලීය ආර්ථිකයක් සහ ශක්තිමත් ඩොලරයක් යන වාර්තා මත බොරතෙල් මිල පහත වැටි ඇත.
ඊට අනුරූපව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 01/03 වන දින 4.4% කින් හෙවත් ඇමෙරිකානු ඩොලර් 3.81 කින් පහත වැටී බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.10 ක් විය.
මීට අමතරව WTI බොරතෙල් බැරලයක මිල ද 4.1% කින් පහත වැටී ඇති අතර, බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 76.93ක් ලෙස සටහන් විය.
Share this: