බොදු බලයේ තීන්දුව ඥාණසාර හිමියෝ පවසති

බොදු බලයේ තීන්දුව ඥාණසාර හිමියෝ පවසති

මේ වෙලාවේ රට සුද්ධකරන්න පුළුවන්. ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න පුළුවන්. සෘජු තීරණ ගන්න පුද්ගලයාව රට තෝරා ගත යුතුයි. අපේ වෑයම වෙන්න ඕනත් එයයි. හාමුදුරුවරු වුණත් කළ යුත්තේ එයයි. අපි පිල් බෙදනවට වඩා එක පිළකට ඇවිත් මෙයාව නායකයා කළ යුතු බව කියන්න ඕනෑ.
දැන් ක‍්‍රිකට් ටීම් එකට කරගත්ත වැඬේ කරගන්න නරකයි. එක පැත්තකින් දැන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇවිත් ඉන්නවානේ. මම හිතන්නේ මිනිස්සු වඩා ඒකට කැමතියි. දේශාපාලකයෙක් නොවන ගෝඨාභයට මිනිස්සු කැමැතියි.

මගේ පුද්ගලික මතය මමත් කැමැතියි. ඒක මගේ පුද්ගලික මතය. හැබැයි අපේ සංවිධානය තාම කථා කරලා තීන්දුවක් ගෙන නැහැ. අපි බොරු කථා කරන්න ඕන නැහැ. අපි හාමුදුරුවරු. අපි ගාව හිඞ්න් ඇජෙන්ඩා (සැඟවුණු න්‍යාය පත‍්‍ර) නැහැ. අනිත් පැත්තෙන් සජිත් මහත්තයා ඉන්නවා. හරි අමාරුයි මෙය තේරුම් ගන්න. එයත් සිංහල බෞද්ධ. ඔහු වටාත් බලවේග පෙළගැහිලා තිබෙනවා. අපි බලන්න ඕන වඩා හොඳ කවුද කියලා. හාමුදුරුවරු සියයක් සමඟ කථා කළොත් ඔවුන්ගේ මතය මොකක්ද කියලා තේරෙනවනේ. හෙට දවසේ මොකක්ද වෙන්නේ කියලා කියන්න බැහැ. ඒ ගැන අදහසක් දක්වන්න වේලාසන වැඩියි.

රටේ නායකත්වයට ඕන, රෝගී වූ මේ මුළු සමාජ දේහයම සුවපත් කරන්න පුළුවන් මිනිහෙක් තමයි රටට ඕනෑ. ඔහුට දර්ශනයක් තිබෙන්න ඕනෑ. පවුල් ගොඩනොනඟන, කේලාම් අහන්නේ නැති, ප‍්‍රවේශමෙන් වැඩ කරන, මහල්ලෙක් නොවන කෙනෙක් රටට ඕනෑ. මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස කරන්න ගිහින් අත්දැකීම් නැති කට්ටියක් දාලා ක‍්‍රිකට් මැච් එක පැරදුණා වගේ රට පරද්දන්න වට්ටවන්න බැහැ. එය තේරුම් ගත යුතුයි. ඒ නිසා කුසලතා පූර්ණ අඩුම තරමේ පශ්චාත් උපාධියක්වත් තිබෙන මිනිහෙක් රටේ නායකයා විය යුතුයි. මේ සඳහා ජාතික කතිකාවතක් අවශ්‍යයි.

Share this: