ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේදී මුස්ලිම් ජාතිකයින් සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වුණා.
බොහෝ දෙනා මෙයට විවේචන එල්ල කලේ ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ නිලධාරීන් කිසිවකු පියවරක් නොගත් බවට පවසමින්.
මේ සම්බන්ධයෙන් ඊයේ(29) නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අදහස් දක්වමින් කියා සිටියේ මේ වීඩියෝ පටය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ බවයි.
එය මුළුමනින්ම අසත්‍ය බවත් එම වීඩියෝව මීට මාස කිහිපයකට කලින් දේවස්ථානයේ උත්සව අවස්ථාවක සිදු වූ සිදුවීමක් බව පරීක්ෂණ වලින් තහවුරු වූ බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති වරයා වැඩිදුරටත් සඳහන් කලේ.
එය සමාජ මාධ්‍ය වෙත අසත්‍ය ආකාරයෙන් මුදා හල දෙදෙනෙක් බේරුවල ප්‍රදේශයේදී ඊයේ(29) අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ජාල උපයෝගිකර ගනිමින් අසත්‍ය පුවත් බෙදාහැරීමෙන් වලකින ලෙසත් එලෙස යම් අසත්‍ය පුවත් බෙදාහැරීමට කටයුතු කළහොත් නීති මාර්ගයෙන් ක්‍රියාකරන බවත් ඔහු සඳහන් කළා.