බෙන් ස්ටොක්ස් සහ ජැක් ලීච්ගේ වාර්තාගත ලකුණු සබඳතාව හමුවේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහි තුන් වැනි තරගයේදී එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. එ් අනුව එංගලන්ත කණ්ඩායම මේ වන විටදී ටෙස්ට් ලෝක කුසලාන තරගාවලිය යටතේ කි‍්‍රයාත්මක වන අළුබඳුන තරගාවලියේදී ඔස්ටේ‍්‍රලියාව සමග 1-1ක් වශයෙන් සම තැන් ගැනීමට සමත්ව තිබේ.
ලීඞ්ස් පිටියේදී පැවැති අදාළ තරගයේ සිව්වැනි ඉනිමේදී ලකුණු 358ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමේ ලකුණු 286කට කඩුලූ 9ක බිඳ වැටුණි. එහිදී අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබඳතාවක් පැවැත්වීමට සමත් වූ බෙන් ස්ටොක්ස් සහ ජැක් ලීච් එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට සමත් විය. විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 135ක් ලබා ගැනීමට සමත් වූ අතර ජැක් ලීච් පන්දු 17කට මුහුණ දී එක් ලකුණක් ලබා ගනිමින් තම කඩුල්ල රැුක ගැනීමට සමත් විය.
ඔස්ටේ‍්‍රලියානු පළමු ඉනිම සියලූදෙනා දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත් වූ අතර එංගලන්ත පළමු ඉනිම ලකුණු 67කට සීමා විය. ලකුණු 112ක වාසිය සමග දෙවැනි ඉනිම ඇරඹූ ඔස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම ලකුණු 246කට දැවී ගියේය. පළමු ඉකිමේ ලකුණු 74ක් වාර්තා කළ මාර්නස් ලබුස්චේන දෙවැනි ඉනිමේද ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ලකුණු 80ක් රැස් කිරීමට සමත් විය. දෙරට අතර කි‍්‍රයාත්මක අළුබඳුන තරගාවලියේ සිව්වැනි තරගය ලබන මස 4 වැනිදා ආරම්භ වේ.
ලකුණු සටහන
ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම පන්දුවාර සියල්ලන්ම දැවී ලකුණු 179යි
එංගලන්ත පළමු ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 67යි
ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 246යි (මාර්නස් ලබුස්චේන් 80, මැතිව් වේඞ් 33, ට‍්‍රැවිස් හෙඞ් 25, උස්මාන් කවාජා 23, බෙන් ස්ටෝක්ස් 3/56, ජොෆ්රා ආචර් 2/40)
එංගලන්ත දෙවැනි ඉනිම කඩුලූ 9ක් දැවී ලකුණු 362යි (බෙන් ස්ටෝක්ස් (නොදැවී) 135, ජෝ රූට් 77, ජෝ ඩෙන්ලි 50, ජොනී බෙයාස්ටෝ 36, ජෝශ් හැස්ල්වුඞ් 4/85, නේතන් ලයන් 2/114)