බූස්ස බන්ධනාගාරයේ සැගවුණු ජංගම දුරකථන

බූස්ස බන්ධනාගාරයේ සැගවුණු ජංගම දුරකථන

ගාල්ල – බූස්ස ප්‍රදේශයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තිබී ජංගම දුරකථනයක් ඇතුළු නීති විරෝධී භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක තාප්පයක් තුළ සඟවා තිබියදී ජංගම දුරකථනයක්, සිම් කාඩ්පතක්, දුරකථන චාජර් තුනක් සහ ඩේටා කේබල් තුනක් සොයා ගෙන ඇත.

බූස්ස බන්ධනාගාරයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී මෙම ජාවාරම් තොගය සොයාගෙන තිබේ.

Share this: