ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ආගමික සහජීවනයට හානි වන අයුරින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ.
එම නියෝගය නිකුත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාට සඳහන් කර ඇත්තේ මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයන් ආගමික ගැටුම් ඇති කර රටේ සහජීවනයට බාධාවක් විය හැකි බවයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
ජෙරොම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා විසින් තම සභාව අබියස බුදුරජාණන් වහන්සේ ගැන කරන ලද දේශනාවකට අදාළ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල විශාල වශයෙන් ප්‍රචාරය වූ අතර, එහි පහත් ප්‍රකාශ ඇතුළත් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති විය.
මේ අතර, ජෙරොම් දේවගැතිවරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා නව බෞද්ධ පෙරමුණ ‘නව භික්ෂු පෙරමුණ’ කොළඹ කොටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මීට අමතරව, අදාළ දේවගැතිවරයාට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් කර තිබුණා.