ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා රජයක් ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.
2559 වැනි රාජ්‍ය වෙසක් උත්සවය අද පස්වරුවේ මහියංගණය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. එම උත්සවයට සහබගි වෙමින් එතුමා මේ බව සදහන් කළේය.
තවද එතුමා පෙන්වා දෙන්නේ ඒ සදහා පුළුල් ජාතික හා ජාත්‍යන්තර වැඩ පිළිවෙලක් සකස් කරන බවයි.
“මෙත් සිතින් ගුණ වඩමු” යන තේමාව යටතේ මෙම වෙසක් උත්සවය සංවිධාන කර තිබුනි.
තවද, එම උත්සවයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ බෞද්ධ දර්ශනයේ මඟ පෙන්විම රාජ්‍ය පාලනයට යොදා ගතයුතු බවයි.
ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරිම, බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබාදිම ඇතුළු කටයුතු සඳහා පියවර ගන්නා බවයි.