ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති උපදෙශකයකු ලෙස ක්‍රියා කළ වමේ කෙන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පත් කිරීම වෙනුවෙන් විශාල සේවයක් කළ බුද්ධිමතෙකි. ඔහු වීම එම තනතුරෙන් ඉවත් වීමට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂණ චෝදනා ලැබු රැසකට සන්ධානයේ නාම යෝජනා ලබා දීමට තීරණය කිරීම නිසාය.
එමෙන්ම ඔහු හා වමේ කෙන්ද්‍රය, යහපාලනය සදහා වූ ජාතික පෙරමුණට මෙවර සහයෝගය ලබා දීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජනප්‍රිය දේශපාලන ක්‍රියාකාරිකයකුව සිටි රාජා උස්වැටකෙයියාව මහතාද යහපාලන පෙරමුණට සහයෝගය ලබා දීමට තීරණය කර ඇති අතර ඔවුන් දෙදෙනාම එම පෙරමුණේ ජාතික ලැයිස්තුවටද ඇතුලත් කොට ඇත.
Share this: