බීමතින් සිටි ලාංකික කතක් මරුට

බීමතින් සිටි ලාංකික කතක් මරුට

මැපෙරදිග බහරේන් හි මහල් නිවාසයක 9 වන මහලේ සිට ඇද වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇතේ, 23 හැවිරිදි කාන්තාවක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවද එම මහල් නිවාස සංකීර්ණය අමෙරිකානු නාවික නිලධාරීන්ට අයත් එකක් වන අතර අදාළ කාන්තාව එහි පැවති සාදයකට සහභාගී වී සිට ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් නිවාස සංකීර්ණයේ 9වන මහළෙන් ඇද වැටුණු කාන්තාව බේරාගැනීමට අමෙරිකානු නාවික නිලධාරියෙකු උත්සාහ දරා තිබුණ ද එය ව්‍යර්ථ වී ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ඇය බීමතින් සිට ඇති බවට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බහරේන බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Share this: