බීමතින් රිය පදවා ශ්‍රී පාද වන්දනාවට පැමිණි තරුණියට අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු රුපියල් 25,000ක දඩයක් නියම කර තිබෙනවා.
ඊට අමතරව ඇයගේ රියදුරු බලපත්‍රය මාස 03කට අත්හිටුවා ඇත.
නල්ලතන්නිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණිය ඇප මත මුදාහැර හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ෆාරුක් ඩින් මහතා හමුවට 12/21 දා ඉදිරිපත් කළේය.
මෙලෙස දඩ නියම වූයේ අම්බලන්තොට ගොඩකවැල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි උෂානි මේකලා නැමති තරුණියකටයි.
පසුගිය දින 16 තුළ අධික ලෙස බීමත්ව සිටි තරුණයන් දෙදෙනෙකු සමඟ අම්බලන්තොට සිට ශ්‍රීපාද නල්ලතන්නිය දක්වා රිය පදවාගෙන යමින් සිටියදී මෙම තරුණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Share this: