බීමතින් රිය පදවන්න එපා – පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

බීමතින් රිය පදවන්න එපා – පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ගිනිකෙළි අනතුරු අවම කරගැනීම සඳහා සියලු දෙනා විමසිලිමත් විය යුතු බවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා ගිනිකෙළි භාවිතයේ දී වැඩි අවදානයක් යොමුකළ යුතු බව මෙහිදී ඔහු අවදාරණය කළහ.

තවද නීති විරෝධී ලෙස සුදුවේ යේදීම කටයුතු ආදියෙන් වැළකී සිටින ලෙසද රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු මේ දිනවල අඛණ්ඩව සිදුකරන බව පොලීසිය පවසයි.

පසුගිය දින දෙක තුළ සිදුකළ වැටලීම්වලින් එලෙස අත්අඩංගුවට ගත් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් සහ ත්‍රි රෝද රත රියදුරන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

බීමතින් රිය පදවන පුද්ගලයින්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

තවද, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනය තුළ සියලු සුරාසැල් වසා තැබෙන අතර කිසියම් ආකාරයකින් මත්පැන් අලෙවි කිරීමක් සිදුකරන්නේ නම් 0112 300 170 යන දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකි බවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඥාතීන්ට බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව ලබාදී ඇති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ සහ අද දිනයන් තුළ බන්ධනාගාර රැදවියන්ට සිය නිවෙස්වලින් ගෙන එන ලද ආහාර පාන ලබාගැනීමේ අවස්ථාව හිමිවන බවයි.

Share this: