බීමතින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරිවරයාගේ මුහුණට බෝතලයකින් පහරදේ

බීමතින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරිවරයාගේ මුහුණට බෝතලයකින් පහරදේ

කිසියම් පිරිසක් විසින්, රඹුක්කන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදී තුවාල සිදුකර තිබේ.

තවද බීමතින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරිවරයාගේ මුහුණට බෝතලයකින් පහරදි ඇති බව සඳහන්ය.

ඊයේ රාත්‍රී පින්නවල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සංගීත සංදර්ශන භූමිය අසළ මාර්ගයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී මෙම පහරදිම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
පහරකෑමෙන් තුවාල ලැබු රඹුක්කන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවෙයි.

මෙම පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රඹුක්කන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි

Share this: