බිරිය ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

බිරිය ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

සිය බිරිද ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වු පුද්ගලයෙකුට මහනුවර පළාත්බද මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

වසර පහකට ආසන්න කාලයක් විභාග වු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය මෙම දඬුවම නියම කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

2010 වසරේ සැප්තැම්බර් මාසයේ දී නාවලපිටිය මුස්ලිම් ගම්මානයේ දී මෙම ඝාතනය සිදුව තිබුණි.

නිදාසිටි 33 හැවිරිදි සිය බිරිඳ භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කළ බවට අදාළ පුද්ගලයාට චෝදනා එල්ල වී තිබු බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පූඩළුඔය පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Share this: