සීගිරිය, කිඹිස්ස ප්‍රදේශයේදී කාන්තාවක් විසින් අද උදෑසන සිය ස්වාමිපුරුෂයා ඝාතනය කර තිබේ. අද උදෑසන මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන් ය. පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා නිවසේ නිදා සිටියදී ඔහුගේ බිරිඳ විසින් අලවංගුවකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවයි. බරපතළ තුවාල ලැබු අදාළ එම පුද්ගලයා කිඹිස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි දෙදරු පියෙකි. පහරදීම සම්බන්ධයෙන් සැකකාර 33 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර සීගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share this: